අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල අධ්‍යාපන කලාපයේ නාඋල අධ්‍යාපන කොට්ඨාසයට අයත් කූඹියන්ගහඇළ කනිෂ්ඨ විද්‍යාලය නම් වූ තක්සලාවට මූලික අඩිතාලම ලබාදුන්නේ කූඹියන්ගහඇළ පන්සලේ වැඩ විසූ ගරුතර රදාවෙල ඞී. ආර්. සහරානන්ද ස්වාමින් වහන්සේ ය. 1938 වර්ෂයේ ආරම්භ කළ කූඹියන්ගහඇළ විදුහල 1945-02-10 වන දින අඹන හන්දිය කේන්ද්‍ර කර ගනිමින් 20×50 ගොඩනැඟිල්ලක් ඉදිකොට කූඹියන්ගහඇළ ප‍්‍රාථමික විද්‍යාලය නමින් ස්ථිර රජයේ පාසලක් බවට ස්ථාපිත කළේ ය. 1938 – 2023 වර්ෂය වන විට මෙම පාසලේ විදුහල්පතිවරු 18 දෙනෙකු සේවය කර ඇත. 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසල අදවන විට ආචාර්ය මණ්ඩලය 21 ක් ද ශිෂ්‍යයින් 176 කින්ද සමන්විත ය. මොරගහකන්ද ව්‍යාපෘතිය මඟින් මෙම පාසල ඉදි කිරීම් කටයුතු කළ අතර මෙම පාසල තවදුරටත් සංවර්ධනය කිරීමට කටයුතු කර ඇත.








