මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල අධ්‍යාපන කලාපයේ නාඋල අධ්‍යාපන කොට්ඨාසයට අයත් කූඹියන්ගහඇළ කනිෂ්ඨ විද්‍යාලය නම් වූ තක්සලාවට මූලික අඩිතාලම ලබාදුන්නේ කූඹියන්ගහඇළ පන්සලේ වැඩ විසූ ගරුතර රජාවෙල ඞී. ආර්. සහරානන්ද ස්වාමින් වහන්සේ ය.
1938 වර්ෂයේ ආරම්භ කළ කූඹියන්ගහඇළ විදුහල 1945-02-10 වන දින අඹන හන්දිය කේන්ද්‍ර කර ගනිමින් 20×50 ගොඩනැඟිල්ලක් ඉදිකොට කූඹියන්ගහඇළ ප‍්‍රාථමික විද්‍යාලය නමින් ස්ථිර රජයේ පාසලක් බවට ස්ථාපිත කළේ ය.
1945 වසර වන විට විද්‍යාලයේ සිසුන් 45ක් සිට ඇති අතර මුල් ගුරුතුමා වූයේ පී. ඒ. පුංචිබණ්ඩා මහතා ය. 1965 වන විට සිසුන් 108ක් හා ගුරු මණ්ඩලය 4 දෙනෙකු සිට ඇත. 1938 – 2023 වර්ෂය වන විට මෙම පාසලේ විදුහල්පතිවරු 18 දෙනෙකු සේවය කර ඇත.







