Learning Teaching Process

WhatsAppImage2023-11-21at84029AM2.jpeg
WhatsAppImage2023-11-21at84035AM.jpeg
WhatsAppImage2023-11-21at84033AM1.jpeg

විදුහල්පති පණිවිඩය

T.G. තිලකරත්න බණ්ඩා මයා

මධ්‍යම පළාතේ නාඋල අධ්‍යාපන කලාපයට අයත් කූඹියන්ගහඇළ විදුහල රඳාවෙල ඩී.ආර්. සහරානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් 1938 වර්ෂයේ ආරම්භ කර ඇති අතර 1943 සිට ස්ථිර ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගොස් ඇත.

මේ වන විට දෙමහල් ගොඩනැගිලිද ඇතුලත් ව ස්ථිර ගොඩනැගලි කිහිපයක් ඇත. පාසල ආරම්භයේ සිට මෙම පාසල තුළ අධ්‍යාපන කටයුතු වල නිරත වූ බොහෝ පිරිසක් විවිධ වෘත්තීනවල නිරත වී දැයට සේවය කර ඇත. සේවය කරමින්ද සිටිති. වර්තමානයේ ගුණ නැණ හා නිපුණතාවලින් සපිරි දරුවන් බිහි වීම හොඳ මට්ටමකින් පවතියි. මෑත වකවානුවේ දී තාක්ෂණ අංශයෙන්ද ප්‍රගතියක් දක්නට ලැබේ. අලුතින් ආරම්භ කරන ලද වෙබ් අඩවිය භාවිත කරමින් විදුහල හා සම්බන්ධ වන ඔීනෑම කෙනෙකුට අදහස් හා තොරතුරු හුවමාරු කරගත හැකිය. පාසලේ දියුණුව පතන සියලු පාර් ශව සහය වන ලෙසටද මම ඇරයුම් කරයි.

මෙලෙස වෙබ් අඩවියක් පාසල වෙනුවෙන් සැකසීමට මඟ පෙන් වූ සැමටත් කටයුතු කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණභාර ගුරුතුමිය ප්‍රමුඛ සැමටත් මගේ ස්තූතිය පිරිනමන අතර පාසලෙන් බිහිවන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය හා ඔහුන්ගේ ගුණගරුකභාවය දිනෙන් දින වර්ධනය වී මප/නා/කූඹියන්ගහඇළ ක.වි. මධ්‍යම පළාතේ පමණක් නොව දිවයිනෙම විශිෂ්ඨ පාසලක් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරමි.

 

T.G. තිලකරත්න බණ්ඩා මයා
විදුහල්පති
මප/නා/කූඹියන්ගහඇළ කනිෂ්ඨ විද්‍යාලය.