පාසලේ ඉතිහාසය

Learning Teaching Process

WhatsAppImage2023-11-21at84029AM2.jpeg
WhatsAppImage2023-11-21at84035AM.jpeg
WhatsAppImage2023-11-21at84033AM1.jpeg

 

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල අධ්‍යාපන කලාපයේ නාඋල අධ්‍යාපන කොට්ඨාසයට අයත් කූඹියන්ගහඇළ කනිෂ්ඨ විද්‍යාලය නම් වූ තක්සලාවට මූලික අඩිතාලම ලබාදුන්නේ කූඹියන්ගහඇළ පන්සලේ වැඩ විසූ ගරුතර රජාවෙල ඞී. ආර්. සහරානන්ද ස්වාමින් වහන්සේ ය.

1938 වර්ෂයේ ආරම්භ කළ කූඹියන්ගහඇළ විදුහල 1945-02-10 වන දින අඹන හන්දිය කේන්ද්‍ර කර ගනිමින් 20×50 ගොඩනැඟිල්ලක් ඉදිකොට කූඹියන්ගහඇළ ප‍්‍රාථමික විද්‍යාලය නමින් ස්ථිර රජයේ පාසලක් බවට ස්ථාපිත කළේ ය.

1945 වසර වන විට  විද්‍යාලයේ සිසුන් 45ක් සිට ඇති අතර මුල් ගුරුතුමා වූයේ පී. ඒ. පුංචිබණ්ඩා මහතා ය. 1965 වන විට සිසුන් 108ක් හා ගුරු මණ්ඩලය 4 දෙනෙකු සිට ඇත. 1938 – 2023 වර්ෂය වන විට මෙම පාසලේ විදුහල්පතිවරු 18 දෙනෙකු  සේවය කර ඇත.

1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසල අදවන විට ආචාර්ය මණ්ඩලය 20, අනධ්‍යයන කාර්ය මණ්ඩලය 04 කින්ද ශිෂ්‍යයින් 176 කින්ද සමන්විත ය. මොරගහකන්ද ව්‍යාපෘතිය මඟින් මෙම භෞතික සංවර්ධනය සිදු කර ඇත.

ආරම්භ කළ වර්ෂය

1938

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

16

මුල් ගුරුතුමාගේ නම

පී.ඒ. පුංචිබණ්ඩා මහතා

පාසලේ ආදි කතෘගේ නම

රදාවෙල ඞී. ආර්. සහරානන්ද ස්වාමින් වහන්සේ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කූඹියන්ගහඇළ විද්‍යාලය