ශ්‍රී ජය ශ්‍රී දද බැන්දු දිය දද
කූඹියන්ගහඇල විදු මෑණිය
නෙත ඇඳි රසඳුන හද රැදි පුදසුන
සැරදේ විදු මාතා- වොරැඳේ විදු මාතා
විරු කැල වැළලුන ඔද තෙද රැඳි බිම
මිණි කැට මෝරන සරු කෙත රැඳි බිම
සම මෙත පතුරා - පරපුර හැඩකළ
සැරදේ විදු මාතා - වොරැඳේ විදු මාතා
උදාර නැණ පිරි දරුවන් බිහිකළ
දෑ කුළ අබිමන් නිතියෙන් හැඩකළ
සමමෙත පතුරා පරපුර හැඩකළ
සැරදේ විදු මාතා - වොරැඳේ විදු මාතා







